වාඩියේ ළමයාට හදිස්සියේම උගේ පුංචි සන්දිය මතක් වුනා… කට්ටියට මතකද ඉස්සර “බන්ටි” කියලා ටොෆි ජාතියක් තිබුනා… ඒ ටොෆියේ කොළය අඩියක් දිගට ඇද්දාම තැග්ගක් දෙනවා කියලා ටොෆි කොල ඇදපු හැටි. හැබැයි කවුරුවක් වත් හරියටම දැනගෙන හිටියේ නෑ එහෙම තැගි ලැබුන කෙනෙක් ගැනවත් ලැබුනේ මොන තැගිද කියලවත්. කවුරුත්ම කලේ ටොෆි කොළ අඩියක් දිගට ඇදපු එක තමා… මෙහෙම යන කොට එක එක ආරංචි එනවා අන්න අහවල් කෙනාට ටොෆි කොළ ඇදලා බයිසිකයක් ලැබුනය, ක්‍රිකට් බැට් එකක් ලැබුනාය කියලා, හැබැයි දැකපු කෙනෙක් නම් නෑ. මේවගේ ආරංචි වලින් ෆොර්ම් වෙන අනිත් උනුත් කරන්නේ තව තව ටොෆි කොළ අදින එක. ඉන්ටවල් එකට එහෙම ඇදපු ටොෆි කොළ බැග් ඒකේ දාලා සෙල්ලම් කරන්න යන්නේ නෑ ඒවත් අරගෙනයි යන්නේ … එහෙම නැත්නම් එන කොට ටොෆි කොළ නෑ… කවුරු හරි ඒවා “ගල්” කරලා… පංති බාර මිස්ලාට බේරුමක් නෑ ටොෆි කොළ නඩු විසදලා… අන්තිමට පැමිණිල්ලටයි විත්තියටයි දෙකටම දඩුවම් කරන්න අරගත්තා… අන්තිමට මේ ටොෆි කොළ සෙල්ලම එහෙන්මම නැතිවෙලා ගියා…
ඊලඟට ආවේ “එඩ්නා” චොක්ලට් වල ස්ටිකර් එකතු කරන සෙල්ලම… ඒකටනම් ඉතින් තෑගි ලැබුනා නේ… ඒත් ඉතින් තෑග්ගට අදාල ස්ටිකර් සෙට් එකම හොයා ගන්න ඒක තමයි අපේ අයට කේස් එක වුනේ… සමහර උන් දුර පලාත්වල ගිහිල්ලා තිබුනා ස්ටිකර් හොයාගෙන. සමහර අය හොද ගණනක් හොයා ගත්තා එහෙම හොයා ගනිපු ස්ටිකර් ඒවා ඒකතු කරපු අයට විකුණලා.අපේ අය සමහර කඩවල් වල ට නම් දාලා තිබුනා….179 කඩේ… 190 කඩේ… මේවා මේ කඩවල වල නොම්මර එහෙම නෙවි… ඒ කඩවල් වල තියන ස්ටිකර්ස් වල නොම්මර… අපේ අය දන්නවා ඒ කඩවල් වලින් චොක්ලට් ගත්තොත් ලැබෙන්නේ ඒ ස්ටිකර් කියල්ලා. ඒක නිසා ඒ කඩවල් වලට දාලා තියන්නේ ඒ ස්ටිකර් නොම්මර.
අනේ එහෙමත් කාලයක්… දැන් ඒවා ගැන මතක් කරන්නේත් හරිම ආසාවකින්….

ඇත්තම කියන්ඩ මට නං ඔය එඩ්නා ස්ටිකර් උන ආවෙම නෑ …. මොකද ඕවට නාස්ති කරන්ඩ අපේ දෙමව්පියොන්ට මුදල් නැතිබව මං හොදටම දැන ගෙන හිටියා…………
ගොඩක් වෙලාවට ලමයි කලේ ස්ටිකර් හුවමාරු කරපු එක වැඩිපුර තිබුන ස්ටිකර් දීලා එ වෙනුවට වටින ඒවා ගත්තා.
හ්ම්ම්…ඒත් ඔය ස්ටිකර් පිස්සුව තදටම හැදුන අය හිටියා සල්ලි වලටත් ස්ටිකර් ගනිපු අය…
බන්ටි සීන් එකනං මටත් මතකයි
මෙන්න ඉන්නවා බන්ටි කොළ ඇදපු තවත් කෙනෙක්…
අයි බන් යෝ යෝ , delta dollar
එක ඇත්ත… කියක් නම් ජාති ආවද… ඒ කාලේ
හරි පරිස්සමට තමා බන්ටි ටොෆී කොල අදින්නෙ…ඉරෙයි කියල බයට…පව් අපි ඒ කාලෙ…තව ඩෙල්ටා ටොෆී කොල වලට ස්ටිකර් දෙන කලෙකුත් තිබ්බා…නේද???
තිබුනා නේන්නම් මට මතක හැටියට ඒ ස්ටිකර් වල හිටියේ මහදැන මුත්තයි ඒයාගේ ගෝලයෝ සෙට් එකයි…
එඩ්නා ස්ටිකර් වල හිටියේ එක එක රටවල ක්‍රිකට් ක්‍රීඩකයෝ නේ?(සනත්,අරවින්ද,ටෙන්දුල්කාර්,……..) මට මතකයි අපේ යාලුවෝ ස්ටිකර් එකතු කරලා ක්‍රිකට් පිති වගේ තෑගිත් දින්නා.යෝයෝ ජනප්‍රිය වුනේ කොකාකෝලා බෝතල් මුඩි වල තිබ්බ තෑගි වශයෙන්.ඒ දවස් වලම පේව්මන්ට එකට විකුණන්නත් ආවා.මට හොදට මතකයි අපේ පාසලේ විදුහල්පති තුමා එක් වාරයක අවසන් දවසේ “මීළඟ වාරයේ මුල සිට විදුහල් භූමිය තුල යෝයෝ ක්‍රීඩාවේ නියැලීම සම්පූර්නයෙන් ම තහනම්” කියල ඕක තහනම් කළා.
මතකද බන්ට් කොලයේ දිගට අදින්න පුලුවන් මැද කොටස විතරයි.දෙපැත්තේ මූලද්‍රව්‍ය වෙනස් ද කොහෙද අදින්න බෑ කැඩෙනවා.
මේ ඉන්නේ ඒ කාලේ වුන දේවල් ගැන මතක තියන තව කෙනෙක්…