වාඩියේ කොලුවා ඉතිහාස ගතවෙයි….

එය වුකලී තවත් එක් දවසක් විය, කොල්ලන් රැස්වන පිටියක පිහිටි “ගොඩක් කන්න” අවන්හලෙන් ගෙන එන ලද දිය යටින් යන වාහන දෙකක්ම ගිලදමා ඔෆිසිය අසල ගෙනවිත් හිටවන්නට යෙදුනු කැන්ගරුවෙකු පිට නැගී නිවෙස් බලා පිටත් වන විට වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් පැවතුනි.සියලු වත්පිලිවෙත් අවසානයේ නිදා ගැනිමට සුදානම් වුයේ නැවතත් උදෑසන නවයේ කනිසමට ඔෆීසියේ සිටිය යුතුබවත් මෘදුකාංග ඉංජිනේරු වෘත්තියේ ඇති ඒයට අනන්‍ය වු මාහැඟි නිදහස් හා නිවහල් බවත් මෙනෙහි කරමිනි.
බිත්තිය දෙසට හැරී වකුටුවි නිදාගත්තේ ඇද උඩ ඇති පොත්පත් හා රෙදි ගොඩවල් නිසා නොව මා ගේ ජ්න්මයට වඩා ලොකු පුරුද්ද ලොකු වු නිසාමය. විදුලි පහන නිවා දැමුබව හොදටම මතකය, නමුත් කාමරය හොදින් ආලෝකමත් වී ඇත. යමෙකු මා පිටුපස සිට නිදාගන්නා මාදෙස බලාගෙන සිටින බව මට දැනේ…
නිදා ගැනීමට නොදී විකාර කරන්නේ කවුරුද යන්න බලාගැනිමට මා තුල ඇතිවුයේ මෙපමන යැයි කිව නොහැකි තරමේ ආශාවකි.අනෙක් පස හැරි බලන විට දුටූවේ ඇද ලඟ සිටගෙන සිට්න මීට කලින් දැක නොමැති පුද්ගලයන් තිදෙනෙකි, මිනිස් ශරිරයට ආසන්න වශයෙන් සමාන වු ඔවුන් ගේ ශරීරයෙන් සියුම් ආලෝක දහරාවක් නිකුත් වු අතර කිසියම් නොතේරෙන භාෂාවකින් කතා කරමින් සිටියේය.ආලෝකය විහිදෙන ශරිර සහිත සත්වයන් ලෙස මිට පෙර මා දැක අතේ කාලාමැදිරියන්  හා රෑබදුල්ලන්  පමණකි, නමුත් මේ නම් ඔවුන් විය නොහැක. මාගේ වම් කණ මා විසින් අංශක තිස් හත හමාරක් වමටත් දකුණටත් කරකවන්නට යෙදුනේ තව දුරටත් මා පසු වුයේ නින්දේ දැයි සැක හැර දැනගැනීමට මය. නැත මා තව දුරටත් නින්දේ නැත.  ඉදිරිපිට  ඇති හා සිදුවන සියල්ලම සත්‍ය හා සැබැය. වහාම  මටම අනන්‍ය වු පුරුෂ ශක්තිය සොයාගත් මා සුදානම් වුයේ මා ඉදිරිපිට සිටින මෙම අද්භුත සත්ව කොට්ඨාශය හදුනා ගැනිමටය.ආශ්චර්යක මහත, ඔවුන්ම මාහට ඔවුන් කවුරුන්ද යන්නත් පැමිණි කාරණයත් ප්‍රකාශ කරන ලදී. ඒසේ  ඔවුන් කී පරිදි ඔවුන් පැමිණ ඇත්තේ පෘතුවියට වඩා ආලෝක වර්ෂ ගණනක් දුරින් වන ග්‍රහලෝකයක සිට ඔවුන් ගේ මැතිවරණ ව්‍යාපරයක් සදහා මාගේ සහයෝගය හා  ඒ පිළිබද විද්වත් උපදේශන සේවාවක් බලාපොරොත්තුවෙනි. පසුගිය දිනෙක ඔෆිසීයේ දිවාආහාර වේලාවේ ” වත්මන් දේශපාලනයේ නව ප්‍රවනතාතුල මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියක කාර්ය භාරය” මැයෙන් මා විසින් මිතුරන් ඉදිරියේ පවත්වන්නට යෙදුනු විශිෂ්ඨ ගණයේ දේශණයට මොවුන් අතිවිශේෂ සන්නිවේදන මාර්ග භාවිතයෙන් සවන්දී ක්ෂේත්‍රයේ මා හට පවතින පෘතුල දැනීම් සම්භාරය සම්බන්ධයෙන් පැහැදීමට පත්ව ඇත. ඒ අනුව ඔවුන් නියෝජිත පිරිස මා හමුවේ ඔවුන් ගේ ගැටලු මා හමුවේ විස්තර කරන ලද්දේ ඒ පිළිබදව විද්වත් පිළිතුරු බලාපොරොත්තුවෙනි. මෙය නම් අතිවිශිෂ්ඨ ගණයේ අවස්ථාවකි, නිරන්තරයෙන්ම  මාගේ දැනුම් සම්භාරය අවඥාවට ලක්කරන අප පවුලේ උදවිය සිටිය යුතුම අවස්ථාවකි, පිටසක්වලට උපදෙස් දීමේ මාහැගි ඉතිහාස ගතවන අවස්ථාවකට මා සුදුසුකම් ලබා ඇත. නමුත් නියෝජිත  පිරිසේ හා මාගේ ආරක්ෂාව පිණිස මෙය රහසිගත හමුවීමකටත් පසුව පුවත්පත් සාකච්ඡාවක් පවත්වා කරුණු හෙලිකිරීමේත් මුලික එකඟතාවලින් පසු මගේ උපදෙස් ඔවුනට ලබාදෙන ලදී.

ආරම්භක පියවර ලෙස මැතිවරණයට පෙරසිටම තමාගේ නමේ කොටසක් ද යොදා “පදනම්ක්” සාදා ගත යුතු බවත් ඒකී පදනම මගින් විවිධ සමාජ සත්කාර කර ඒ සදහා වියදම් වු මුදලට වඩා මුදලක් වියදම් කර කරන ලද දේ සදහා ප්‍රචාරණයක් ලබාදීම අනිවාර්යය බව ප්‍රකාශ කලෙමි.

එමෙන්ම මැතිවරණ වේදිකාවේ පොරොන්දු ලබාදීම දැන් ඒතරම් සිදු නොවන්නක් බවත් පොරොන්දු ලබාදිය යුතුම නම් ලබාදිය යුත්තේ නිවාස, රැකියා, අධ්‍යාපනය වැනි කාරණා පදනම් කරගෙන බවත් ප්‍රකාශ කලෙමි.

“ත්‍රස්තවාදය” නැමති වචනයට මැතිවරණ වේදිකාවේ සුවිශේෂ කාර්යභාරයක් ඉටුකල හැකිබව මා ප්‍රකාශ කල අතර එකී වචනය තවත් ඕනෑම වචනයක් සමග යෙදීමෙන් අමුතුම ආකාරයේ හැගිමක් පහල වන බවත් ඒමගින් අතිසාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකිබවත් උදාහරණ සහිතව ප්‍රකාශ කලේ ඔවුන්ගේ උණුසුම් ප්‍රතිචාර මැදය.

“බෙන්ගාසී” පන්නයේ කැරළි ගැන නිරතුරුවම කැගැසිය යුතු බවත්, අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රන  හා බලවේග ගැනද කතා කලයුතු අතර ඒ සදහා කෙසේ හෝ ප්‍රතිවිරුද්ධ පක්ෂ වල අපේක්ෂකයන් ඇදා ගැනීම කල යුතුය (මෙහිදි “බෙන්ගාසී” පන්නයේ කැරළි යනු මොනවා දැයි පැහැදිලි කර දීමට මට සිදුවිය )

මැතිවරණ ක්‍රියාවලිය පුරාම අවි ආයුධ භාවිතය අනිවාර්ය බව ඔවුනට පැහැදිලි කරදීමට මට විශාල වෙහෙසක් ගැනීමට සිදුවිය. දේශප්‍රේමීත්වය ඉහ වහා ගොස්තිබිය යුතුය. ඒය ක්‍රියාවෙන් මෙන්ම කතාවෙන්ද පෙන්විය යුතුය.මේ ආකාරයෙන් මාගේ උපදේශන සේවාව පවත්වාගෙන යන අතරතුර  එය අප පියාණනන් හට ශ්‍රවණය වී මට නිස්කාරනයේ බැනවදින්නට විය. ඔහුගේ අදහස වන්නේ රෑ දෙගොඩ හරි යේ එන මා නිදාගෙන ස්වල්ප වේලාවකින් හීනෙන් දොඩවන බවත් මා නිසා අන් අයටද නිදා ගැනීමට නොහැකි බවත්ය. මාහට නිස්කාරනේ නැගෙන අවලාද හා දෝෂාරෝපණ අසාසිටීමට නොහැකි වු පිටසක්වල ඇත්තන් පිටත්වී ගියේ නැවත එන බවත් ලබාදුන් උපදෙස් පිලිපදින බවත් පවසමිනි.

නමුත් ඔවුන් අද වනතුරුත් නැවත පැමිණියේ නැත. දේශපාලුවන්ගේ හැටි ඔහොමය… උන් පිටසක්වලද, මෙම සක්වලේද කියා වෙනසක් නැත. කියන්නෙම බොරුය…හරිගිය පසු මුල අමතක කරන්නෝය… තුච්චය…නින්දිතය…අසමජ්ජාතියෝය.

About වාඩියේ ළමයා

කාටවත් කරදරයක් නැතිව, වැඩි සද්ද නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.
This entry was posted in ආගිය කතා. Bookmark the permalink.

8 Responses to වාඩියේ කොලුවා ඉතිහාස ගතවෙයි….

  1. Dinushi says:

    Interesting story…හරියට සුරන්ගනා කතාවක් වගේ…ඇත්ත තිත්ත නොවෙන්න ටක්කෙටම කියල තියෙනව…waiting for more interesting articles…Wish you all the best…koluwaa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )